වන අලි ප්‍රහාරයකින් අයෙකු මරුට

නොච්චියාගම පොලිස් වසමේ ඇහැටුවාගම ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක්වන අඹගහවැව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සිය වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නොච්චියාගම පොලිසිය පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *