ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තුන්වන ටෙස්ට් තරගය ලකුණු 25කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කළ අතර ඉන්දියා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 263ක් ලබා ගත්තා.
සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.
ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121ක් පමණි.
තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණේ වසර 12කට පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් තම නිජ බිමේදී ටෙස්ට් තරගයක් පරාජයට පත් කරමින්.