වසර පහකට පසු චන්ද්‍රිකා ඩාලි පාරට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැමිණ සිටියා.

එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් යන අය සහභාගි වී සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව පිටව යන මොහොතේ හිටපු ජනාධිපතිවරිය මාධ්‍ය හමුවේ පැවසුවේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියේ වසර පහකට පමණ පසුවයි.

“වසර පහකට පස්සේ මම නිදහස් පක්ෂය කාර්යාලයට ආවා. පක්ෂයේ හිටියත් පක්ෂයේ කාර්යාලයට ආවේ වසර පහකින්. සිරිසේන මාව එලෙව්වට පස්සේ අපි ආවේ බලයට නෙවෙයි. අපි ආවේ රට හදන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒක හදල තියෙන්නෙ ඉදිරියේ දී ඉදිරිපත් කරනවා.” යනුවෙන් හිටපු ජනාධිපතිවරිය මාධ්‍ය වෙත පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *