වාසු npp එකට සහය දීම ගැන වලේබොඩ කිව්ව දේ

වාසුදේව ආණ්ඩුව වාමාංශිකයි කිව්වට ආණ්ඩුව කියන්නේ අපි වාමාංශිකයි කියලා

එක්කෝ ආණ්ඩුව තෝර ගන්න ඕනෑ නැත්නම් විපක්ෂය තෝර ගන්න ඕනෑ දෙකේ මැද ඉන්න බෑ

සර්වජන බලයේ ගාමිණී වලේබොඩ

සර්ව ජන බලය රත්නපුර ආසන සංවිධායකයන් පත් කිරීම අද සවස බොරැල්ල සර්වජන බල කාරයාලයේදී සිදු කළා.
ඒ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්

මෙහිදී දිළුම් අමුණුගම මහතා හා ගාමිණී වලේබොඩ මහතා මාධ්‍ය හමුව අමතමින් වාසුදේව නානායක්කාර මහතා අද ප්‍රකාශ කර ඇති දේ පිළිබඳව අදහස් දැක්වුවා.

දිළුම් අමුණුගම

වාමාංශික ආණ්ඩුවක් ආපු නිසා සහය දෙනවා කියලා තමයි එතුමා කියන්නේ
නමුත් ආණ්ඩුව වාමාංශික ද කියලා බලන්න වෙනවා
npp එක වේදිකාවේ කිව්වේ එක නෙමෙයි දැන් කරන්නේ
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. ඒක හොඳයි

ගාමිණී වලේබොඩ

වාසුදේව ඉදිරිපත් කරන දේ හරි අමුතු එකක් අපි මීට පෙර එහෙම දෙයක් අහලා නෑ .
එතුමා කියන්නේ ආණ්ඩුවට එකතු වෙනවලු. ජාතික ජන බලවේගය සමග තරග කරනවද කිව්වහම එහෙමත් නැහැලු. විපක්ෂයේ ඉන්නෙත් නෑ ආණ්ඩුවට එකතු වෙනවා කියනවා මම දන්නෑ එහෙම ආකෘතියක් මේ රටේ කොහෙද තියෙන්නේ කියලා
ආණ්ඩු පක්ෂයේ කැමති වෙලා ආණ්ඩුවට එකතු කර ගත්තේ නැත්නම් එතුමලට දෙන්න පුළුවන් සහය මොකක්ද කියලා අපි දන්නේ නෑ
එතුමලාට පාවිච්චි කරන ඡන්දය අපරාධයක් වෙනවා. එහෙමනම් ඒ ඡන්දෙත් npp එකටම දීලා එතුමලාට සහාය දක්වන්න පුළුවන්
ඒගොල්ලන්ගෙ වෙන මොකක් හරි න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා කියලා තමයි අපට හැඟෙන්නේ

වාසුදේව මැතිතුමා ආණ්ඩුව වාමාංශිකයි කිව්වට ආණ්ඩුව වාමාංශිකයි කියලා නෑ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *