වාහන ආනයනය ගැන ජනපතිගෙන් ඉඟියක්

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (10) මහනුවරදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව මේ වනවිට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බැවින් ලබන වසර වනවිට මෙරට ආර්ථිකය වඩා දියුණු තත්ත්වයකට පත්වන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහනුවර මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගිය යුතු බවයි.

එම අවස්ථාවට සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ වාහන ආනයනය ගැන වැඩි අවධානයක් යොමු කරන බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
”අපි කරන්නේ IMF සංවිධානය එක්ක මාස හයකට සැරයක් සාකච්ඡා කරනවා. බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමඟ සාකච්ඡා කරනවා. IMF සමඟ එකඟ වන කරුණුත් – එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ඇයි අඩුවෙන්නේ? වාහන එන්න පටන් ගත්තහම මේක අඩුවෙලා ආපහු වැඩි වෙන්ට ඕන. අපි ඒ තැනටත් යන්න තියෙනවා. එතකොට ඒක සංචිතය අඩු වුණහම ඒ වගේම යම්කිසි කාලෙකට ඔය ප්‍රශ්න තියෙයි. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. අපේ ආදායමෙන් විශාල කොටසක් ලැබෙන්නේ වාහන ලංකාවට ගේන එකේ තියෙන බදුවලින්. අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒත් මං හිතන්නේ මේ මාස දෙකේ ඡන්දය නිසා ටිකක් අඩුවෙයි ආපහු පාර්ලිමේන්තු ඡන්දේ නිසා. අඩුවෙන් සමස්තයක් හැටියට ආර්ථිකය දියුණු වෙනවා. ඒකට දැන් අලුත් නීතිය ගේනවා ආදායම් අධිකාරිය”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *