වැටුප් වැඩි වෙයි ද?

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබෙන නමුත් වර්තමාන රාජ්‍ය ආදායම එවැනි වැටුප් සංශෝධන ගැලපුම් සඳහා ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒ අනුව අදාළ වැටුප් සංශෝධන ඉල්ලීම් සලකා බැලිය හැක්කේ ලබන වසරේදී බවයි.

මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *