“වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගන්නවා”

සැප්තැම්බර් 21 වනදාට ලක්ෂ 20කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ඉතිහාසයේ ස්වේච්ඡාවෙන් රාජකාරී කටයුතු කරන එකම ජනාධිපතිවරයා බවට පත්වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කළ හැක්කේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම බවත් දුප්පත්කම තුරන් කිරීමට එම ජනතාවද රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරගත යුතු බව ඔහු කියා සිටියා.

තමන්ගේ වාසිය නොව රටේ වාසිය වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් සියළු ප්‍රශ්ණ සඳහා විසදුම් ලබා දීමට කටයුතු කරන බව ඔහු පවසා සිටියා.

තම පියා විසින් සිදු කල ප්‍රේමදාස සංවර්ධන යුගය යළි ජනතාව අතරට ගෙනයාමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *