වැලිකඩ බන්ධනාගාරය පිළිබද අසත්‍ය වීඩියෝ දර්ශනයක් YouTube සමාජ මාධ්‍ය තුළ සංසරණයවෙයි….

2024.10.15 වන දින YouTube සමාජ මාධ්‍ය තුළ වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ගරු ජනාධිපති තුමාගේ නිරීක්ෂණයට ලක් වු බවට කරුණු හුවා දක්වමින් අසත්‍ය පුවතක් මේ වන විට සංසරණය වෙමින් පවතී.

ගරු ජනාධිපති තුමා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාර අයතනනයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති අතර වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්ධයෙන් කිසිදු විමසීමක්ද කර නොමැත.

එසේම බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවුවන් සදහා ආහාර ලබාදීමේදී සලාක ලබාගැනිමේ සිට නේවසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ සිදුවන අතර එය ආයතන ප්‍රධානියාගේ අධීක්ෂණයටද ලක්වේ. එමෙන්ම පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබාදීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් ආහාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබාදීමට කටයුතු කරනු ලබයි.

බන්ධනාගාර ආයතන තුළ යම් පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතු අතර මෙම සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ලබාගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබාගෙන නොමැති අතර, රූගත කිරීමක්ද සිදුව නොමැත. ඒ අනුව මෙම පුවත හා සම්බන්ධ දර්ශන සියල්ලම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයෙහි හෝ වෙනත් කිසිදු බන්ධනාගාර ආයතනයක් තුළ රූගත කළ දර්ශනයන් නොවේ.

ඒ අනුව මෙම YouTube චැනලය මගින් සිදුකර ඇති අසත්‍ය කරුණු හේතුවෙන් ගරු ජනාධිපති තුමන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවයට හා අපකීර්තියට ලක්කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇත.

ගාමිණී බී දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *