වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් 13කට තුවාල

ගල්ගමුව – මීඔය ප්‍රදේශය ආසන්නයේදී පාදෙණියේ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

වන්දනා ගමනක් යමින් සිටියදී රියදුරුට නින්ද යාමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ 69 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *