විකෘති කළ අවුරුදු ගීතයට විදුරට මල පනී

පසුගිය දිනවල අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත එම අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රෝහණ බැද්දගේ ඇතුළු පිරිසක් විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව‍යි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට සහ සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ඔහු එහිදී සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 932

Leave A Reply

Your email address will not be published. Required fields are marked *