විදුලි බිල අසාමාන්‍ය ලෙස වැඩිවීම එනම් ලක්ෂය ඉක්මවා !මේ තුළින් ජනතාව කුපිත වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල එනම් රාජාංගන ශ්‍රී මහ පුර ගලෙන් බිඳුනු වැව ගුරුගම ආදිය ප්‍රදේශවල පවුල් අටසීයකට නමසීයකට ආසන්න ප්‍රමාණයකට විදුලි බිල අසීම ලෙස වැඩිවී ඇති බව ගම්වාසින් පවසා සිටි .මේ පිළිබඳ සොයා බැලීමට අප එහි ගිය අවස්ථාවේදී නිවස් හිමියන් කියා සිටින්නේ ඔවුන්ට විදුලි බිලටත් වඩා ඉක්මවූ ලක්ෂයක් ලක්ෂ එකහමාරක් පනස්දාහක් 75000 ක් වැනි විදුලි බිලක් ඇවි තිබෙන බවත් මේ පිළිබඳව කැකිරාව විදුලි මණ්ඩලයේ ප්‍රධානියාගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ මනු කියවන්නාගේ දෝෂයක් නිසා මෙම විදුලිබිල වැරදීමක් සිදුවී ඇති බවත් .ඔහු නිවසට නොගොස් මනු කියවන්නාගේ නිවසේ සිටම විදුලි බිල සකස් කර සකස් කර යවා ඇති හෙයින් මෙම ගැටලුවට මුහුණපා ඇති බවත් .නමුත් විදුලි බිල තමන් නිවස් වල පාවිච්චි කරන ලද විදුලි බල බවත් එම නිසා එම විදුලි බිල අනිවාර්යෙන් ගෙවිය යුතු බවත් ඔවුන්ට ඔහු පවසා ඇත .මෙම 2020 සිට 2024 දක්වා මෙම විදුලිබිල මනු කියවන්නා ලෙස විසින් වැරදි ආකාරව සිදුකර ඇති නිසා මෙම ගැටලුව මුහුණ දුන් බවත් මේ වන විට ඔහුව වැඩ තහනම් කර ඇති නමුත් විදුලි පාරිභෝගිකයන් වශයෙන් ඔවුන් මෙම බිල ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව ගම්වාසීන් පවසයි .ගම්වාසීන් වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම විදුලි බිල ඔවුන්ට ගෙවීමට නොහැකි බවත් ඔවුන් මාස්පතා හරි ආකාර විදුලිපි ල ගෙවූ බවත් එම නිසා ඔවුන් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයෙන් ආවොත් ඔවුන්ට පහර දී එළවා දමන බවත් ඔවුන් කෝපයෙන් ප්‍රකාශ කළා .

මේ පිළිබඳව සමහර ගම්වාසීන් මාධ්‍ය හමුවක්ද පැවැත්තුවා .ඒ වගේම ඊයේ සවස තමුත්තේගම ගුරුගම ප්‍රදේශයේදී පන්නං උද්ඝෝෂණයක්ද ජනතාව පැවැත්තුවා .

මේ පිළිබඳ අනුරාධපුර විදුලි බල මණ්ඩලේ ප්‍රධානියෙක්ගෙන් විමසු කළ ඔහු කියා සිටියේ මේ මනු කියවන්නාගේ වැරැද්දන් නිසා සිදුවූ බවත් එයට කණගාටු වන බවත් නමුත් විදුලි බල මණ්ඩලයක් වශයෙන් අනිවාර්යෙන් පාරිභෝගිකයන් මෙම විදුලි බිල ගෙවිය යුතු බවත්, නමුත් ඔවුන්ට අවුරුදු දෙකක සහන කාලයක් කොටස් වශයෙන් ගෙවීමට ලබා දිය හැකි බවත් ඔහු පවසා සිටියත් යම් කෙනෙකුට එය ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබ්බොත් එය අවුරුදු තුනක් දක්වා කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා .නමුත් අනිවාර්යෙන් මේ විදුලි බිලය ගෙවීම පැහැර හැරේ නොහැකි බවත් අනිවාර්යෙන්ම මේ විදුලි බිල ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *