විදෙශ් සබදතා නෑ කියලා කරපු චෝදනාව අපි බොරු කලා – ටිල්වින්

ජනතාවට පොරොන්දු උන දේවල් කරන්න අපට පාර්ලිමේන්තු බලය අවශ්‍යයි
………………
කොළොන්නාව  ජාතික ජන බලවේගය ජනරැළිය
ටිල්වින් සිල්වා…එරංග ගුණසේකරය

🎈ටිල්වින් සිල්වා

අපි හැමෝම මෙතන ඉන්නේ මාලිමාව දිනවන්න ඕන   කියන  තීරණය අරගෙන

මේ මැතිවරණය අපට ඉතා වැදගත් ..මේකට ටෙස්ට් මැච් එකක්..අපි පළමු එන්නේම 21 පෙරේදා ගැහුවා ඒක දිනුවා …දැන් දාහතර දෙවැනි ඉනිමත් ගැහුවොත් තමයි අපි මැච් එක දිනන්නේ …

අපිට මේ මැතිවරණය අභියෝගයක් නැහැ ..සියලු දෙනා ජනාධිපතිවරණයත් සමගම පරාජයට පත්වුණා..ඒක අරුම පුදුම ඡන්දයක්  ඒ ඡන්දෙන් බහු කාර්යයන් ගොඩක් සිදුවුණා …මොකද ප්‍රභූ රදල පැලැන්තිය මුළු මුලින්ම අයින් වුනා ..අඩුම තරමේ පලත් පාලන ආයතකවත් නැහැ ..පළමුවෙනි වතාවට අපිට සර් කියන්න ඕන නැති උතුමානො කියන්න ඕන නැති අපේ සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා….

කලින් තිබ්බා ලොකුම පක්ෂය පෝට්ටුවන බහිද රාජපක්ෂ මේ සැරේ පෝට්ටුවක් නෑ ..ඉතිහාසයේ පළමු වතාවට හම්බන්තොටින් තරඟ වැදුණු රාජපක්ෂලා .. පළමු වරට තරඟ වදින්නේ නැහැ ..නාමල් තර්ක කරන්නේ නැහැ..ඔහු එන්නේ ජාතික ලැයිස්තුවෙන්..මොකද ඔහු දන්නවා ඔහුට ඡන්දයෙන් එන්න බැරි බව ..රනිල් වික්‍රමසිංහ වගේ හොරෙන් ගන්න හදන්නේ ..

අනිත් එක සමගි පක්ෂය කිසිම සමගියක් නැහැ ..නාමයෝජනල් ලබා දුන් අව දවසේ .. ලක් අම්මා අත්සන් කරනවා..ඊළඟ දවසක් ජැන්ඩියට ඈඳලා යනවා බලද්දි නම කපලා …නමක් කපපු වෙලේ ඉදන් සජිත්ට පලු යන්න  බනිනවා..

කිසිම සමගියක් නැහැ ඒගොල්ලන්ගේ ..අනිත් එක රනිල් වික්‍රමසිංහ රටට
කොහොමත් අභියෝගයක් නෙවෙයි  එයා..
දැන් හැමෝම කියනවා ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕනේ කියලා ..මොකද මාලිමාවට මග පෙන්වන්න..අපි වැරදි කරන්නේ ඒ නිසා කවුරුත් අපිට මග පෙන්වන්න අවශ්‍ය නැහැ ….

ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර සහයෝගයක් වැඩියෙන්ම හමු වුන ආණ්ඩුව තමයි අපේ ආණ්ඩුව..දැන් වෙලා මදි වෙලා තියෙන කට්ටිය හමු වෙන්න තවත් එනවා ..
පහුගිය දා ඇමරිකා  තානාපතිවරිය කිව්වා ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර රජයක් ඇවිල්ලා තියෙනවා ..ඒ නිසා අපි ලංකාවේ ආයෝජනය කරනවා කියලා ….

කට්ටිය කිව්වා අපිට පලපුරුද්ද නෑ කියලා..අපි අහනවා දැන් රනිල්ගෙන් කොහොමද කියලා ..28 කරපු පාර්ලිමේන්තුව අපි තුන්දෙනෙක්ගෙන් කරනවා ..අපි තමයි ලෝකයේ කුඩාම අමති මණ්ඩලය හදපු රට ..ඔය වාර්තාවක් කඩන්න කාටවත් බෑ..මොකද මහින්ද හැදුවා ලොකුම කැබිනට් එක…

තව කිව්වා අපි ආවොත් පෝලිම් ගැහෙයි කිව්වා ගෑස්ටැංකු පුපුරයි කිව්වා ..හැබැයි එකක් උනා රනිල්ගේ ගෑස් ටැංකියනම් පිපුරුවා ..

ඒ කිව්ව කතා අපි වෙනම ඇහුවනම් අපිටත් බය හිතෙනවා …

දැන් මහ මැතිවරණයක් තියෙනවා කියලා දැනෙන්නෙ නෑ නේද..කිසිම උණුසුමක් නෑ ..මොකද අනිත් පැත්තෙ කට්ටිය කිසිම දෙයක් කරන්නෑ…දෙවැනි කාරණය අපි ආණ්ඩුව වෙලාද රාජ්‍ය බලය පාවිච්චි කරන්නේ නෑ …මහින්දලා ඒක කරා..හිරුණිකාලත් එහෙමයි  වලින් එහෙට මෙහෙට යනවා තර්ජනය කරනවා සංදර්ශන දැම්මා ..

දැන් ඒගොල්ල අලුත් බොරුවක්  කරන්න පටන් අරගෙන …අනුර  හරිනි  ගැටුමක් කියලා සමහර මාධ්‍යයක් මේ බොරුව කිව්වා. ..අපි දැනගත්තෙත් පත්තරේ
ඊට පස්සේ කිව්වා සල්ලි අච්චු ගැහුවා කියලා
ඕගොල්ලෝ දන්නවා සල්ලි ගහන කතන්දරේ  මොකද වෙන්නේ කියලා..හමුවෙලා තියනවද එහෙම නෝට්ටුවක් …

පොල් ප්‍රශ්නයත් එහෙමයි ..

මෙච්චර බොරු කියන අය විපක්ෂයටවත් එපා …
දහ අටම මාලිමාවෙන් යවමු …

මජර දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කලා

අපිට අපි වගේ දැනෙන ජනාධිපතිවරයෙක් හදාගත්තා වගේ පාර්ලිමේන්තු කන්ඩායමක් හදාගන්න ඕන

අපිට මුලු රටම ඩිජිටල් කරන්න ඕන

මිලියනවලින් වැටුප් ගත්ත හාන්ස් විජේසූරිය ස්වේච්ඡාවෙන් රට ඩිජිටල් කරන්න ඇවිත් තියෙනවා

කීලීන් ශීලංකා වැඩේ පාර්ලිමේන්තුවෙන් පටන් ගමු

අපිට පොහොසත් රටක් හදන්න පුලුවන්

අපි තීන්දුවක් ගත්තා ලංකාවට අවශ්‍ය බෙහෙත් ටික ලංකාවේ හදන්න

බෙහෙත් නොබී ඉන්න පුලුවන් නිරෝගී රටක් අපි හදනවා

අපිට එන ඕනම අභියෝගයක් එක්කහැප්පෙන්න අපි සූදානම්

අපි වැටෙන්නේ නෑ අපි මේ රට හදලයි පස්ස බලන්නේ

අපිට දුන්නේ ස්වර්ගයට ගිය රටක් නෙවෙයි තුන්වේල කන්න බැරි රටක්

සැලැස්මකට අපි වැඩකරමින් ඉන්නවා

ඒ සදහා දෙවන තීන්දුව 14 ගන්න

🎈ඒරංග ගුණ සේකර ..

කොලොන්නාවේ අපි. අද රටක් විදියට අද ඇවිල්ලා තියෙන්නෙ පරාජිත මිනිස්සු  ලෙස නොවෙයි..
දැන් අපිට පරණ දේශපාලනික කුණු කන්දල් ඇදලා වැඩක් නැහැ ..ජීවිතයක් වෙනුවෙන්  පෙළ ගැසෙන්න…

කාටහරි කොළොන්නාව කිව්වොත් මතක් වෙන්නේ වතුරට යට වෙන එකයි…අපරාධ ගැන විතරයි ..
පොළොන්නාව තමයි ලංකාවේම අඩුම ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා ඉදිරිපත් වන නගරයක්  බවට පත්වෙලා ඒ වගේම දුප්පතුන් වැඩිම සිටින ආසනය බවට පත්වෙලා ..

අපේ ජයග්‍රහණයෙන් අවුරුද්දකින් පසුව  කොළොන්නාව කියන්නේ සුන්දර ප්‍රදේශයක් බවට අත පත් කරගත යුතුයි ..

ජාතක ජන බලවේගය විදියට මේ රටේ ගංවතුරට ප්‍රශ්නයට ප්‍රමුඛස්ථානයක්  ලබාදිය  යුතුයි ..

අපි හදන්න ඕන විධිමත් කානු පද්ධතියක් ..මොකද කොළොන්නාව කියන්නේ ටැංකියක්..

පොළොන්නරු පදේ සභාවේ හිටපු තබා පියවරු ධනවත් බලවත් වුණේ කොහොමද..එයාලා තමයි  මේ වගුරු බිම් ගොඩ කලේ..අද එයාලා රටෙත් නැහැ..ඒ නිසා මෙතනින් පසු ජල බැස යන ස්ථානවල හා ගෞරව බිම් වල කිසිම ඉදිකිරීමක් සිදු කරන්න දෙන්නේ නැහැ …

එදා මිනිසුන් රවටපු සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් වෙලා තියෙනවා   ..

තව දවස් සුද්ද එකොළහයි දෙවැනි මෙහෙයුම් අවසන් කරන්න ..පාර්ලිමේන්තුවට  සුද්ද කරන ඒ ශ්‍රමදානය සිදු කරන්න ..

හොරු සෙට් එකක් ඉන්නවා top lewal  එකේ අනිවාර්යෙන් ඇතුලට දානවා හැදිලා එන්න කියලා …

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *