ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධව තවමත් විසඳුමක් නෑ..
අද උදෑසන සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මන්ත්‍රීවරුන් විපක්ෂ නායකකාරයේදී හමුවී ඉදිරි පළාත් පාලන චන්දය පිළිබඳ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේදී සිදුවූ අඩුපාඩු ජනතාව අතරට ළඟා වන විදිහ පක්ෂයේ සිදුවිය යුතු වෙනත්කම් මෙහිදී සාකච්ඡා කර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් මෙම අවස්ථාවට එක සිටියා.
- කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නිලන්ත හේරත්
රැල්ලක් ආවා රැල්ලට අපි සේරම ගහගෙන ගියා
අපි දැන් පළාත් පාලන මැතිවරණය ගැන ීම් උනන්දු වෙනවා - මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක දිමුතු නවරත්න
පැරදුනේ ඇයි කියලා අපි නායකතුමාට විස්තර කරලා කිව්වා දැන් අපි ඉදිරියට යනවා - රෝහණ වන්නිආරච්චි මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක.
ජාතික ලැයිස්තුවෙන් අපිට හම්බ වෙන්නේ නෑ. අපි ඒ ගැන කටගාටුවෙන් නෑ
- මාවතගම ආසන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අශෝක ප්‍රේමදාස
නායකයා වෙනස් විය යුතු නෑ අඩුපාඩු හදාගෙන අපි ඉදිරියට යනවා
- රවීන්ද්‍ර සමරවීර හිටපු කම්කරු අමාත්‍ය
ජාතික ලැයිස්තුවේ මමත් ඉන්නවා ම බලාපොරොත්තු වෙනවා මට මන්ත්‍රී ධුරයක් හම්බවෙයි කියලා
බදුල්ලේ ගොඩක් අය පැරදුනා
- මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී WHM ධර්මසේන
අපි ඡන්දයෙන් දිනලායි ආවේ
ජනතාව එපා කියලා රද්දපු අයට ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙන එකට මම විරුද්ධයි
- ප්‍රියන්ත පද්බේරිය
වෘත්තීය සමිති නායකයෝ සේරම පාර්ලිමේන්තු මන්ත්රීවරුණා. අපි බලන් ඉන්නවා ආණ්ඩුව ෙන් ගුරු වැටුප් විෂමතා ඉවත් කරනකන් අපි ඉන්නේ කොටාදින්න විතරයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී JC අලවතුවල
මහලේකම්තුමා අද ලංකාවට ආවා අද ැයිස්තු මන්ත්‍රී ධූර ගැන තීරණයක් ගනියි ඒක එච්චර කාලයක් යන එකක් නෑ