විපක්ෂ නායකගෙන් පොසොන් උත්සවයට මූල්‍ය ආධාරයක්

මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ අනුග්‍රහය ලබාගැනීම සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සභා වාරයේදී අවධානය යොමු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයී.

මෙහිදී රාජ්‍ය පොසොන් උත්සවය සඳහා මූල්‍ය ආධාරයක් ද විපක්ෂ නායකවරයා විසින් විහාරාධිපති හිමියන් වෙත පූජා කරනු ලැබුවා.

මෙහිදී පුදබිමට පැමිණ සිටි ජනතාව සමඟ විපක්ෂ නායකවරයා සුහද පිළිසඳරක ද නිරත වුණා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *