විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝගීන්ට පීඩා

නිර්වින්දන වෛද්‍යවරුන් සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ වෛද්‍යවරුන් රැසක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි.

මේ අතර තවත් පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් ඇති අතර ඔවුන්ගෙන් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු යලි පැමිණීමට නියමිතයි.

මේ හේතුවෙන් හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *