වෙළඳසැල් හිමියාට පහර දී කඩේ මංකොල්ලකාලා

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව සම්පූර්ණයෙන් ම මුහුණු ආවරණය වූ යතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි වාර්තා වන්නේ.

අදාළ වෙළදසැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 7.00ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් විසින් කොල්ල කා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *