වෙළෙඳපොළේ සහල් හිඟයක්?

මහා පරිමාන සහල් මෝල් හිමියන් පසුගියදා පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බව පැවසුවද, තවමත් පාලන මිලට සහල් මිලදී ගත නොහැකි බවට ජනතාව මැසිවිලි නගනවා.

ජනතාව පවසන්නේ, වෙළෙඳපොළේ කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල හිඟයක්ද පවතින බවයි.

එමෙන්ම නාඩු සහල් සඳහා රුපියල් 220ත් ,සම්බා සහල් සඳහා වන රුපියල් 230ක පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් කරන බවට මහා පරිමාන සහල් නිශ්පාදකයින් පැවසුවත් මේ වනවිටත් නාඩු සහ සම්බා සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 230 ඉක්මවූ අගයකටයි.

මේ අතර, පසුගිය කාලසීමාවේ වෙළඳපොළේ කීරී සම්බා කිලෝවක මිල රුපියල් 400ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ගොවීන් යල කන්නය සඳහා වැඩි වශයෙන් කිරී සම්බා වගා කිරීමට කටයුතු කර තිබුණා.

මේ නිසා වෙළඳපොළට වැඩි වශයෙන් කීරී සම්බා නිකුත් වී අතර නාඩු, කැකුළු සහ සම්බා යන සහල් වර්ගවල හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *