වෛද්‍යවරු හිඟකමෙන් රෝහල් රැසක් වැසී යාමේ අනතුරක

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

පසුගිය වසර පහකට ආසන්න කාල සීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති තත්ත්වයක් යටතේද තවදුරටත් වෛද්‍යවරුන් ලැබෙන පළමු අවස්ථාවෙන්ම රට හැරයාමට උත්සාහ කිරීම නිසා දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීමේ අවධානමක් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති බව සමගි ජන සන්තකන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කරයි.

බොහෝ රෝහල්වල පවතින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවන අතර කාර්යමණ්ඩල වැඩි කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාදීමට දක්වන මැලිකම ද සෞඛ්‍ය සේවයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන් අතුරු සෞඛ්‍ය සේවකයන්ට රමාණවත් තරම් වැටුප් ලබාදීමට පසුගිය රජයවල් කටයුතු නොකිරීම නිසා රට හැරයාමේ ප්‍රවණතාවය වැඩි වූ බවත් සෞඛ්‍ය සේවය තුළ පවතින වැටුපිසමතාවයන් විසඳීමට මහ මැතිවරණය අවසන් වූ වහාම ප්‍රතිපත්ති සකස් විය යුතු බවද ඔහු සඳහන් කළේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *