වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මන්නාරම රෝහලේදී මියගිය තරුණ කාන්තාවගේ ස්වාමියා බිරිඳ මියයාමේ ශෝකයෙන් ඊයේ (24) නිවසේදී සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, පනිච්චපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එස්.සුතාන් නමැති අයෙක්.

එහිදී වල් කනේරු ඇට සමග හකුරු කෑමෙන් පසුව බරපතල ලෙස රෝගී වී ඇති අතර, ඔහුව වහාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇතත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ වූ මරියරාජ් සින්ධුජා නම් 27 හැවිරිදි කාන්තාව මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කර ඇති අතර, ඇය ආපසු නිවසට පැමිණීමෙන් අනතුරුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *