ශකිබ් ව නැවත කැඳවයි

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියට ඔහුව බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් සමග තවදුරටත් අදහස් හුවමාරු කරගනිමින් පවතින බව බංග්ලාදේශ ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානී ගාසී අෂ්රෆ් ප්‍රකාශ කර තිබේ.

37 හැවිරිදි ශකිබ් 2023 වසරේ ජුලි මාසයෙන් පසු බංග්ලාදේශ 20යි 20 කණ්ඩායම නියෝජනය කර නොමැත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *