ශ්‍රි පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා හමුවෙයි

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී සිටි තරුණයා හමු වී තිබෙනවා.

ඒ ඔහු ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් වතුයායක සිටින විටයි.

වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහි දී එම තරුණයා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එම තරුණයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මට මොකුත් මතක නෑ. මම ගල්ගුහාවල ‍රෑ හිටියා. දවස් හයම මොකුත් කෑවේ නෑ. මගේ අතේ ෆෝන් එක තිබ්බෙත් නෑ. කකුල් දෙක තමයි රිදෙන්නේ”

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී සිටියේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33ක් වන තරුණයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *