ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂයකට ලක් වී යලි ගොඩබස්වයි

ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා ඊයේ අලු‍යම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 173 දරන ඒ 320 බස් වර්ගයේ ගුවන් යානය අලුයම 1.10 ට පිටත්ව ගොස් තිබූ අතර, යානයේ සමතුලිතතාවය පවත්වා ගෙන යන පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 40 කට පසු යළි කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරියෙකු සඳහන් කළේ. ‍

හදිසි ගොඩ බැස්සවීමක් ප්‍රකාශයට පත් කරමින් එය ගොඩබස්සවා තිබූ අතර, ඒ වනවිට එහි මගීන් 85 දෙනෙකු ගමන් කර තිබුණා. මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *