ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වායි.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *