“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ද්‍රෝහී වුණු කණ්ඩායමක් නොවෙයි”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ද්‍රෝහී වුණු කණ්ඩායමක් නොව හැමදාම මේ රටට ආදරය කරන දේශපාලන බලවේගයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 15 වනදා දඹුල්ලේ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ “මේ රටේ ගොඩනැගෙන දැවැන්ත ආර්ථික පරිවර්තනය තුළ 2035 වනවිට අපේ මාතෘ භූමිය අපි දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. අපි ඒක කරනවා. මේක කරන්න අපිට වුවමනාවකුත් තිබෙනවා. අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි මේ රටට වැඩකර තිබෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත තාක්ෂණික ක්ෂේත්‍රය හා මේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් රැකියා ලක්ෂ විස්සක් බිහි කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කරන ආදායම උත්පාදන මාර්ග බිහිකරන්නත් අපට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා. අපි මේ රටට ද්‍රෝහී වුණු පිරිසක් නොවෙයි. අපි හැමදාම මේ රටට ආදරය කළ පිරිසක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *