ශ්‍රී ලංකා යුත් ක්‍රිකට් ලීගය නොවැම්බර් 21 ඇරඹේ..

වයස අවුරුදු පහළවෙන් පහළ පන්දු වාර 50 ශ්‍රී ලංකා යුත් ක්‍රිකට් 2024 තරඟාවලිය නොවැම්බර් මස 21 වෙනිදා ආරම්භ කෙරෙනවා..

ප්‍රීමා අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා..

නොවැම්බර් 21 වෙනිදා ආරම්භ කරන මෙම තරගාවලිය..කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සමාජය, ,කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය,කොළඹ තර්ස්ටන් විද්‍යාලය, රාජකීය විද්‍යාලය,යන ක්‍රීඩාංගන වලදී පැවැත්වෙනවා..

තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර …කොළඹ උතුර, කොළඹ දකුණ,දඹුල්ල, ගාල්ල ,සහ මහනුවර කණ්ඩායම් තරඟ වදිනවා..

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග තරඟ 28 වෙනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරඟය නොවැම්බර් 3 වෙනිදා පැවැත්තුවට නියමිතයි..

මෙම තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙළඳ සේවා ක්‍රිකට් සමාජයේ දී පැවතුණා..

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහය විසින් අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීමට මෙහිදී සිදු කළ අතර ප්‍රීමා කුසලාන හඳුන්වාදීමද සිදුකළා..

තරුණ පරපුරේ හැකියාවන් කල එලි බසින්ට මෙම ශ්‍රී ලංකා පහලවෙන් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යුත් ලීගය තුළින් හැකියාව ලැබුණු අතැයි මෙම මාධ්‍ය හමුවට එක්වූ අනුග්‍රහයකයින් සහ සංවිධායකවරුන් පැවසුවා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈස්ලි ද සිල්වා..,ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් agro industry හි සාමාන්‍ය අධිකාරීසජිත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක් වුණා..

ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් අංශය නගා සිටුවීමට විශාල දායකත්වයක් සැපයීම මෙයින් සැබවෙන බවද මෙහිදී පෙන්වා දුන්නා..

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *