ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ පාරාදීසයක් බවට පත්කරන බව විපක්ෂ නායක කියයි

අධ්‍යාපනය තුළ විවිධ අය විවධ ද්විත්ව රංගනවල නියැලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අධ්‍යාපනයේ අවස්ථාව රජයෙන් පමණක් කළ යුතුයි කියන සමාජවාදීන්ගේ දරුවන් ඉගෙන ගත්තේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල බවත්, එවැනි දෙබිඩි පිළිවෙත් රටට අවශ්‍ය නොවන බවත්, අප රට අධ්‍යාපනයේ පාරාදීසයක් බවට පත් කල යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

සමගි ජන බලවේග රජයක් තුළ මෙරට සිසු පරපුරට ගුණාත්මක භාවයෙන් යුත් ඉහළ අධ්‍යාපනයක් ලබා දෙනවා සේම දූදරුවන් සියලු දෙනාටම තමන් කැමති අධ්‍යාපන අවස්ථා ලබා දෙන අධ්‍යාපනය පරිසරයක් ඇති කරන බව ඔහු පවසනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ, එවිට විදේශ රටවලට ගොස් විදේශ උපාධි ලබා ගැනීමට අවශ්‍ය නොවන අතර, විදේශීය අධ්‍යාපනය ද අප රට තුළින්ම ලබා ගත හැකි බවත්, එය රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ගම්පහ මීරිගම වේයන්ගොඩ කුඹල්ඔලුව ශ්‍රී ලංකේශ්වර කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 339 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා.

කනනංගර මැතිතුමාට පිංසිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනය ලැබුණත් ඒ නිදහස් අධ්‍යාපනය ලබා දෙන විට අප රටේ ප්‍රභූන් පිරිසක් මේවා විවේචනය කළ බවත්, ඔවුන්ගේ වතුවල පොල් කඩන්න පිරිස නැති වෙයි කියා පහර ගැසු බවත්, විපක්ෂ නායකවරයා පවසනවා.

යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ රටක් ලෙස නිවැරදි ගමනක් යාමවන අතර, ලෝකයේ දියුණු රටවල් ශීඝ්‍ර සංවර්ධන රටාවකට යොමුව ඇති බවත්, ඩිජිටල් විප්ලවය ලෝකය ආක්‍රමණය කර සාම්ප්‍රදායික රැකියා සමාජයෙන් ඉවත් වන බවත්, කෘතීම බුද්ධිය හරහා ලොව අපේක්ෂිත ශ්‍රම බලකායක් නිර්මාණය කර ඇති බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *