තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද(10)සවස 7 ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර ටෙස්ට් සහ එක්දින තරගාවලියන් ජයග්‍රහණය කිරීමෙන් පසු ජයග්‍රාහී තරග රටාවට පිවිසී සිටින ශ්‍රී ලංකාව, විස්සයි20 ආකෘතියෙන් බංග්ලාදේශයට එරෙහිව ද විශිෂ්ට දස්කම් දක්වා තිබේ.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලි 5කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 4ක් ජයග්‍රහණය කර ඇත. එක් තරගාවලියක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.