ශ්‍රී ලංකාවට තවමත් සුපිරි 08 දෙනාගේ වටයට යන්න පුළුවන්

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි වීමේ අවදානමකට ලක්වුණා.

ඒ බංගලාදේශය සමඟ පැවති තරගය කඩුළු 2කින් පරාජයට පත් වීමත් සමගයි.

එමෙන්ම ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබුවා.

මෙම තරග දෙකම පරාජය වීමත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට තවමත් සුළු අවස්ථාවක් පවතින අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නේපාලය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන මීළඟ තරග දෙකම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජය ගත යුතු වෙනවා.

එමෙන්ම ඊට අමතරව එම කාණ්ඩය තුළ සිටිනා අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් මත රැඳී සිටින්නට ද ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *