ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබාදී ඇති රටවල කමිටු රැස්වීම ලබන සතියේ

ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටු රැස්වීම ලබන සතියේ පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇති අතර, එම වාර්තාව අද භාරදෙනු ලැබුවේ විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ප්‍රමුඛ කමිටුව විසින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *