ශ්‍රී ලංකාවට සහය වන බවට IMF වෙතින් යළි සහතිකයක්

ශ්‍රී ලංකාව ගෙවීම පැහැරහැර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වූ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මාසය වන විට ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ගිවිසුමකට එළඹෙනු ඇති බව එම වාර්තාවේ සඳහන්.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් මෙරට බලධාරීන් බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *