තලවතු ගොඩ වෙඩි තැබීමක්

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අද අලුයම 1 ට පමණ තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු නිලධාරියෙකු අතර බහින්බස්වීමක් ඇති වී තිබේ.ඇති වූ බහින්බස් වීමේදී ව්‍යාපාරිකයා තම රිවෝල්වරය සුරාබදු නිලධාරියාට එල්ල කළ බව පැවසේ එහිදී ඇතිවූ පොරබැදීමකදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පැවසෙනවා.

What's your reaction?

Related Posts

1 of 806

Leave A Reply

Your email address will not be published. Required fields are marked *