ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තමිල්නාඩු පොලිසිය අත්අඩංගුවට ගනී

නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ගිය ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු තමිල්නාඩූ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පුත්තලම ප්‍රදේශයෙන් මුහුදු ගිය තරුණ ධීවරයින් දෙදෙනෙකු බව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ ධීවරයින් දෙදෙනා හිතා මතාම ඉන්දීය මුහුදු සීමාට ගියේද එසේත් නොමැතිනම් බෝට්ටුවේ සිදු වූ කාර්මික දෝෂයක් නිසා ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට ගසා ගෙන ගියේද යන්න පිළිබදව තමිල්නාඩූ පොලිසිය කරුණු සොයා බලමින් සිටින බවද එම නිලධාරියා පවසා තිබෙනවා.

මේ වන විට වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තරුණ ධීවරයින් දෙදෙනා තමිල්නාඩු පොලිසිය බාරයේ රදවා ගෙන ප්‍රශ්න කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *