පසුගිය වසරේ ජුනි සහ ජූලි මාසවලට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජුනි සහ ජූලි මාස සාමාන්‍යයෙන් මෙරටට අවම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන මාස බව එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසීය.
කෙසේ වෙතත්, ඉලක්කගත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන්, මෙම වසරේ අදාළ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම වැඩි කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පෙන්වා දුන්නේය.