සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සව ගැන පොලිසිය අවධානයෙන්

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවල අසභ්‍ය හෝ සංස්කෘතියට පටහැනි ආකාරයෙන් තරග සංවිධානය කිරීමෙන් වළකින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ කාන්තාවන්ට සහ ළමයින්ට හිරිහැර වන ආකාරයේ තරගද සංවිධානය කිරීමෙන් වළකින ලෙසයි.

එවැනි ආකාරයේ තරග සංවිධානය කර ඇති බවට තොරතුරක් ලද වහාම ඒවා අවලංගු කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *