සජබ සියලු කටයුතුවලින් ෆොන්සේකා ඉවතට

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු‍ කටයුතුවලින් ඉවත් කර තිබෙනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සදහන් කළේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බවයි.

පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතුද ඉදිරියේදී සිදු කරන බව ද පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *