සජිත්ගේ නව ගමන සමග ඉදිරියටම

ශ්‍රී ලාංකීය දේශාපලන වංසකතාවේ ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ දී මාතෘභුමියේ ලක්ෂ 220 කගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වංචනික දේශපාලන රටාවෙන් බැහැර වී රටේ දුක්විදින ජනතාවට විසඳුම් ලබාදෙන සන්ධානය අද දිනයේදී ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායක , සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සැමට ජයක් සමගි රටක්‘ යන තේමාවෙන් සංවිධානය කර තිබූ සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (08) පැවැත්විණි. සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙම අදහස් පළ කළේය.

එමෙන්ම , ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා , කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා , කදුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ මහතා , නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා , ජි.එල් පීරිස් මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා , පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු දේශපාලන සංවිධාන රැසක් අද සමගි ජන සන්ධානය සමඟ එක්වූහ.

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය එකමුතු භාවයෙන් බිහිවුණ බලවේගයක් බවත් මෙම බලවේගය බිහිවුණේ ලක්ෂ 220 කගේ ජනදුක නිවාලන්නට සහ මාතෘභුමියේ ස්වර්ණමය සංවර්ධන යුගය නිර්මාණය කිරීමට බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රටේ සියලු දෙනාගේම බලාපොරොත්තුව නොබෙදුනු රටක රටේ එක්සේසත් භාවය සුරකින විනයකින් යුක්තව අභිමානවත් වැඩපිළිවෙලක් තුළ විශිෂ්ඨ මාතෘ භූමියක් නිර්මාණය කිරීම ඒකායන අරමුණ බවත් නමුත් ජාතින් වශයෙන් ආගම් වශයෙන් පක්ෂ වශයෙන් රටක් ලෙස බෙදී ඇති බවත් බෙදුණු ගරාවැටුණු දේශයක් අනාගත මතුපරපුරට දායාද නොකළ යුතු බවත් බෙදීම් පසෙකලා රටේ දරුපරපුරට , පුරවැසි පරපුරට , මතු පරපුරට ශක්තිමත් දේශයක් දයාද කිරීමට එකමුතුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගියෙන් ගොඩනැගුනු සමගි ජන බලවේගය සහ සමගි ජනසන්ධානය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන සන්ධානය මත්පැන් බලපත්‍රවලට , වරදාන වරප්‍රසාදවලට වෙන්දේසි කිරීමට කිසිදු සුදානම් නොමැති බවත් රටේ තිබෙන ජරාජිර්ණ වූ දේශපාලන රටාව වෙනස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

සමගි ජන සන්ධානය නිර්මාණය වන්නේ ග්‍රාමීය , නාගරික , වතු ප්‍රජාවගේ දුප්පත්භාවය ව්‍යාප්ත වන මොහොතක බවත් එම දුපත්භාවයෙන් රටේ ජනතාව මුදවා ගැනීමට කටයුතු කරන බවත් එමෙන්ම දූෂිත වංචනික ක්‍රියාදාමයන් තුළින් රට බංකොලොත් කළ ආර්ථික අපරාධකරුවන් අධිකරණයට ගෙනැවිත් නීතිය ක්‍රියාත්මක කළ රටට අහිමි වුණ සියලුම මුදල් රටේ පොදුජනතාවගේ උන්නතිය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවැසීය.

අපනයන කෙන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට මුල පුරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලගේම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ඇගළුම් කර්මාන්ත ඇති කිරිමේදී ඊට අකුල් හෙළිමට පිරිසක් සිටි බවත් වර්තමානයෙත් එවැනි පිරිසක් සිටින බවත් සැප්තැම්බර්
21 වැනිදා ලබාදෙන ජනතාවාදි ශක්තිය තුළින් සැප්තැම්බර් 22 වැනිදා සිට දැවැන්ත සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා හෙතෙම සඳහන් කළේය.

මාතෘභුමිය තුළ නව තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් තොරතුරු තාක්ෂණ විප්ලවය සුළු වශයෙන් පාසල් මටමින් ආරම්භ කර ඇති බවත් එම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් රටේ තරුණ පරපුර සහ සිසු පරපුර කේන්ද්‍ර කොටගෙන ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දැවැත්තම තොරතුරු තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරමින් තොරතුරු තාක්ෂණ නිපුණතාවය තිබෙන මෘදුකාංග ඉංජිනේරුවන් බිහිකරන පරාදිසය ශ්‍රී ලංකාව බවට පත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ධීවර ක්ශ්‍රේත්‍රය , කෘෂිකර්ම ක්ශ්‍රේත්‍රය , තේ පොල් රබර් වගා ක්ශ්‍රේත්‍රය , ස්වයං රැකියා ක්ශ්‍රේත්‍රය ඇතුළු සියලුම කර්මාන්ත ශක්තිමත් කරන්න හැකිවන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තිය හසුරුවන බවත් රටේ ජාතික සම්පත් රැක ගන්නා බවත් ජාතික සම්පත් පාඩු ලබන තත්ත්වයක නොතබා ඒකා බද්ධ රාජ්‍ය පෞද්ගලික ව්‍යාපෘති හරහා
පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන බවත් එමෙන්ම ගෞරවනීය රාජ්‍ය සේවයක් රට තුළ නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ සිටින සියලුම ජන කොට්ඨාස ගොඩනගන්න කටයුතු කරන බවත් උතුරු නැගෙනහිර ජනතාව විඳින දුකින් ඔවුන්ම බේරා ගැනීමට කටයුතු කරන බවත් වතු ප්‍රජාවගේ ප්‍රශ්න වලට නිසි විසඳුම් ලබාදෙන බවත් මැතිවරණ සමයේදී මේ සියලුම දෙනාවම දේශපාලන පාපන්දුවක් ලෙස භාවිතා කරන බවත් සමගි ජනසන්ධානය ගමන් කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල ගමනක බවත් ලුම්පන් ගජමිතුරු ධනවාදය බැහැර කළ අන්තවාදී සමාජවාදය බැහැර කළ ජනතා කේන්ද්‍රීය ශක්තිමත් මැද මාවතක ගමන් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රටේ අඩකට වැඩි ප්‍රමාණයක් දිළිදු භාවයෙන් පෙළෙන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා දුප්පත්භාවය තුරන් කිරීමට ජනසවිය ක්‍රියාත්මක කළ බවත් ජන සවියටත් වැඩිය ශක්තිමත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සීමා සහිත කාලයකට දුප්පත් ප්‍රජාවට ලබාදිය යුතු පාරිභෝජන , අපනයන , අපනයන , ඉතිරි කිරිමේ , නිෂ්පාදන ශක්තිය ගොනු කරමින් දුප්පත් ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩසටහනක් එළි දක්වන බවත් විපක්ෂ නායකවරයා කීය.

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය ගමන් කරන්නේ තනි පුද්ගල ගමනක් නොවන බවත් රට ගොඩනැගීමට සිටින උගත් , බුද්ධිමත් , විශිෂ්ඨයින් ඇතුළු හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ බවත් රටේ අසරණ භාවයට පත්වුණ දරුවන් , මව්වරු , අබාධිත ප්‍රජාව , අවදානමකට ලක්වුණ විශාල පිරිසක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිදු පුද්ගලයෙක් නැති බවත් මාතෘභුමියේ හඩක් නොමැති නිහඩ බහුතරයේ හඩ බවට සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය
පත්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජයග්‍රහනය තුළින් ජයග්‍රහනය කරන්නේ පවුලක් හෝ පවුලක සමාජිකයන් නොවන බවත් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පවුල්වාදී දේශපාලනය සිදුනොකරන බවත් රට තුළ ක්‍රියාත්මක වූ පවුල්වාදී දේශපාලනයට සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය නැවතිමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා කීය.

කඩාවැටුණු දේශය ගොඩගත්ත , ලෝකයේ රටවල් සමඟ ගනුදෙනු කිරිමට හැකි රටේ ජනතාව දිනවලු ස්වර්ණමය යුගය සමගි ජනබලවේග යුගය යන නම්බුනාමය ලබාගැනීම වෙනුවෙන් සිදුකිරීමට හැකි ඉහළම ජනතා සේවය සිදුකරන බවත් ජනතාවගේ ජන ජිවිත ශක්තිමක් කිරිමට සිදුකළ හැකි උපරිම කැප කිරීම සිදුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *