සජිත්ගේ රජයකින් පාස්කු ප්‍රහාරය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හලාවත රදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපාණන් ඇතුළු හලාවත ප්‍රදේශයේ කතෝලික පියතුමන් පිරිසක් බැහැදුටුවා.

ඒ, සක්වළ වැඩසටහන සඳහා හලාවත ප්‍රදේශයට ඊයේ (11) පැමිණි අවස්ථාවේදීයි.

විපක්ෂ නායකවරයා එහිදී රදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපාණන් හමුවේ පොරොන්දු වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්වයන්ගේ සහය ලබාගන්නා බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *