සජිත්ට ලැබුණු මහ සඟරුවනේ ආශිර්වාදය

බුදු දහමට ප්‍රමුඛතාව ලබා දෙමින් දැහැමි රාජ්‍ය පාලනයක් ගෙන යන එකම නායකයා සජිත් ප්‍රේමදාස බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අද (11) සඳහන් කළා.

ඒ භික්ෂු උපදේශක සභාව මගින් සංවිධාන කර තිබූ මහ සඟ සමුළුව අමතමින්.

ත්‍රෛයිනිකායික මහ සඟරුවන නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් එක්වූ එම සඟ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රට තුළ දැහැමි සමාජය ස්ථාවර කිරීමට කැප වන බවයි.

විනයගරුක සමාජයක් උදෙසා සමගි ජන බලවේගය මගින් ආරම්භ කළ භික්ෂු උපදේශක සභාවේ මහ සඟසමුළුව අද (11) පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන්.

මෙම මහ සඟ සමුළුව සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින්වහන්සේ ඇතුළු භික්ෂූන්වහන්සේ රැසක් වැඩම කර සිටියා.

මේ අතර, සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මහා සංඝරත්නය අනාගත රාජ්‍ය නායකයාගෙන් බලාපොරොත්තු වන කරුණු ඇතුළත් කරමින් සකස් කළ සංදේශයක්ද මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *