සජිත්ට සහාය ලබා දෙන්න රිෂාඩ් බදියුදීන් ගිවිසුම් ගතවෙයි

මෙවර ජනාධිපතිවරණයේදී, සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය පළකිරීමට අදාළ ගිවිසුමට අද (15) කොළඹ දී අත්සන් තැබුණා.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් අත්සන් තැබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (14) කොළඹ දී රැස් වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, සහාය පළ කිරීමට එකඟත්වය පළ කළා.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *