සබඳතා ගිළිහුණු වොයේජර් යළි වැඩ අරඹයි

පෘථිවියේ සිට වැඩිම දුරකින් ඇති වොයේජර් 1 යානය නැවත වතාවක් පෘථිවිය සමඟ සබඳතා අරඹා තිබෙනවා.

වසර 46ක් පැරණි මෙම යානය විකාරරූපී සහ අර්ථ විරහිත දත්ත සම්ප්‍රේෂණය කිරීම පටන්ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේ සිටයි.

නාසා ඉංජිනේරුවන් එය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා දැඩි වෙහෙසක් දරණු ලැබුවා.

ඒ අනුව විද්‍යාඥයින් විසින් දෝෂ නිරාකරණ කේතය පසුගිය අප්‍රේල් 18 වැනි දා උඩුගත කළ අතර, එය පෘථිවියේ සිට වොයේජර් වෙත ළඟා වීමට පැය 22 කුත් විනාඩි 30ක කාලයක් ගතවී තිබුණා.

වොයේජර් 1 හි සිට එන ප්‍රතිචාරය මෙහි ළඟා වීමට තවත් එවැනි ම කාලයක් වැයවී ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් 20 වැනි දා යානයේ ප්‍රතිචාරය ලැබුණු පසු සිය දෝෂ නිරාකරණ මෙහෙයුම සාර්ථක වී ඇති බවටයි නාසා ඉංජිනේරුවන් සහතික කරගනු ලැබුවේ.

1977 වසරේ වොයේජර් 1 අභ්‍යවකාශ ගත කර තිබුණේ බ්‍රහස්පති සහ සෙනසුරු සමීප ව අධ්‍යයනය කරමින් වසර පහක කාලයක් ක්‍රියාකාරීව කටයුතු කිරීමටයි.

කෙසේවෙතත් සක්‍රියව පවතින එම යානය මේ වන විටත් පැයට කිලෝමීටර 60,821 වේගයෙන් පෘථිවියෙන් ඈතට ඇදී යමින් පවතිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *