විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බළකායේ මූලිකත්වයෙන්; අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කලම් ම්බෝ ප්ලෑන්, ඩයලෝග් ආසියාටා පුද්ගලික සමාගම හා එක්ව
පාසල් ළමුන් හා නව යොවුන් වියේ තරුණ තරුණියන් සඳහා ” මත්ද්‍රව්‍ය වලින් තොර දිප්තිමත් අනාගතයක් සඳහා ළමුන් හා තරුණ පරපුර බලගැන්වීම ” තේමා කර ගනිමින් 2024 වර්ෂය සඳහා පවත්වන ලද සමස්ත ලංකා චිත්‍ර හා සජීවී කරණ විඩියෝ තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටියේ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී සිදුවුණා
නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාපති ඇතුළු සෙසුනිලී ඉන් මේ සඳහා සහභාගි වී සිටි අතර තරඟය සඳහා සහභාගි වෙමින් ජයග්‍රහණය ලබා ගත් දුවා දරුවන්ද මේ සඳහා සහභාගි වී සිටියා
ත්‍යාග ප්‍රධානය කිරීමෙන් අනතුරුව ගරු අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය මෙසේ අදහස් දක්වා සිටියා
මත්ද්‍රව්‍ය වලින් තොර දීප්තිමත් අනාගතයක් යන මේ අරමුණ යටතේ ලමුන්ට ලබා දෙන මේ දේ අපේ ජාතික වගකීමක්
මත්ද්‍රව්‍ය ජාවාරම රටේ අනාගතයට ලොකු තර්ජනයක්
මේ සදහා නාවික හමුදාව ලබා දෙන කාර්ය භාරය සුවිශේෂී ඒ වගේම අපි මනෝ භාවයත් නිර්මාණය කරන්න ඕනේ
අද දින මේ කල කටයුත්ත ඉතා විශේෂ කාරයක්
නව දිශානතියක මුල පිරීමක් මේ වැඩ සටහන හරහා ශක්තිමත් අනාගතයක් ගොඩ නගන්න පුළුවන්
නාවික හමුදා පති තුමාට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා ඒ වගේම මේ තරගාවලිය සදහා සහභාගි වූ සියලු දෙනාටත් මම ස්තූතිය ප්‍රකාශ කරනවා
මත්ද්‍රව්‍ය වලින් තොර දිප්තිමත් අනාගතයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනාම එකතු වී කටයුතු කර යුතුයි