සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අගමැතිනිය අතර හමුවක්

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ACMOA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ ( 24) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදි සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරිමට කටයුතු කළේය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර, ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක් විය.

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *