සල්මාන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

අද (14) උදෑසන මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි සුපිරි බොලොවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම 5 ට පමණ එල්ල වී ඇති එම වෙඩි ප්‍රහාරයේ දී අවම වශයෙන් උණ්ඩ පහක්වත් නිකුත් වී ඇති බවයි.

එම වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර මුම්බායි පොලිසියේ අපරාධ අංශය විමර්ශන සඳහා එම ස්ථානයට පැමිණ පර්යේෂණ ආරම්භ කොට තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය වසරේ පවසා තිබුණේ, ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවයි.

පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *