සහල් ආනයනය කිරීම

රජය විසින් පසුගිය 04 වන දා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනය දැන් ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා සහල් මෙට්‍රික් ටොන් 1900ක් කොලඹ වරායට ගොඩ බා තිබෙනවා.

මේ සහල් තොග රේගුවෙන් නිශ්කාශනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුවන අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරන, මධ්‍යම භාන්ඩ පරීක්ශන, නිවාරන, හා සටහන්කර යන අංශ එකතුව විශේෂ වැඩපිලිවෙලක් තුලින් ඉතා ඉක්මනින් සහල් තොග වෙලඳපොලට මුදා හැරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ සහල් තොගයට කැකුලු සහ තැම්බූ සහල් අඩංගු වනවා.

ඒවා ආනයනය කරඇත්තේ ඉන්දියාවේ සිටයි.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *