“සහල් මාෆියාව මැඩපැවැත්වීමට රජයට මැදිහත් විය යුතුයි” – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. හේරත්

කීරි සම්බා වැඩි වශයෙන් වගාකිරීම හේතුවෙන් රට තුළ නාඩු සහල් හිගයක් නිර්මාණය වී ඇති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසුව ද පසුගිය කන්නයේ වගා කළ සමස්ත බිම් ප්‍රමාණයෙන් කීරි සම්බා වගාකර ඇත්තේ හෙක්ටයාර් 50කට ආසන්න සංඛ්‍යාවක පමණක් බව, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. හේරත් පවසනවා.

මේ අතර, ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ, මහා පරිමාණ මෝල් හිමියන් ක්‍රියාත්මක කරන සහල් මාෆියාව මැඩපැවැත්වීමට රජය වහාම මැදිහත් විය යුතු බවයි.

රට තුළ නාඩු සහල් හිගයක් නිර්මාණය වී ඇති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

වර්තමානයේ රට තුළ මතුව ඇති සහල් ගැටලුවට ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නොමැති බව ඔහු එහිදී කියා සිටියේ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරන්නේ සිය හාල් මෝල හරහා දිවයින පුරාම බෙදාහරිමින් ඇත්තේද කීරි සම්බා සහල් පමණක් බවයි.

කෙසේ වෙතත්, මෙවර වගා කරන ලද මුළු කුඹුරු ප්‍රමාණයෙන් 77% ක් නාඩු වී බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 යල කන්නයේ වී අස්වැන්න පිළිබඳ පුරෝකථන වාර්තාවේ දැක්වෙනවා.

හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බි. හේරත් මහතා ද සඳහන් කළේ පසුගිය කන්නයේ වගා කළ හෙක්ටයාර් 480000 ක් වු සමස්ත බිම් ප්‍රමාණයෙන් කීරි සම්බා වගාකර ඇත්තේ හෙක්ටයාර් 50කට ආසන්න සංඛ්‍යාවක් බවයි.

එසේම 2024 යල කන්නයේදී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

පෙර යල කන්නවලදී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී ඇති නමුත්, මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වන අතර, යළ කන්නයේ ලද වාර්තාගත අස්වැන්නත් සමග රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට එය ප්‍රමාණවත් බවයි.

පසුගිය මහ කන්නයේ දී ද මෙට්‍රික් ටොන් මිලියන 3.2ක වී අස්වැන්නක් ලැබී තිබුණා.

ඒ අනුව මෙවර යල කන්නයේ ලද මෙට්‍රික් ටොන් මිලියන 2.6ක වී අස්වැන්නත් සමග මෙම වසරේ සමස්ත වී අස්වැන්න දැක්වෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 5.8ක් ලෙසයි.

එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 03 ඉක්මවනවා.

ඒ අනුව කෘෂිකර්ම දෙපරේතමේන්තුව පෙන්වා දෙන්නේ, වසර ගණනාවකට පසු පළමුවරට මෙරට සහල් අතිරික්තයක් මෙම වසර තුළ වාර්තා වී ඇති බවයි.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් ක්‍රියාත්මක කරන සහල් මාෆියාව මැඩ පැවැත්වීමට රජය වහාම මැදිහත් විය යුතු බව,ගොවි සංවිධාන පවසා සිටියා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *