ස්පාඤ්ඤය, ඉතාලිය සහ ග්‍රීසිය සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයකින් පීඩා විඳිමින් සිටින බැවින් විදේශ කාර්යාල සංචාරක අනතුරු ඇඟවීම්

ඉතාලිය, ග්‍රීසිය සහ ස්පාඤ්ඤයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර බොහෝ ස්ථානවල සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමක් මෙ දිනවල වාර්ථා වේ. සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි බවට වැඩිදුරටත් සදහන් කරයි.

යුරෝපයේ සුපතල ගිම්හානයෙ සංචරක ස්ථාන කිහිපයකට ගමන් කිරීමේදී අමතර සැලකිල්ලක් දක්වන ලෙස බ්‍රිතාන්‍යයන්ට අනතුරු අඟවා ඇත, යුරූපානු මහාද්වීපය ප්‍රබල තාප තරංගවලින් පීඩා විඳින සමයකයි ඔවුන් මෙ බව සදාහන් කර ඇත්තේ. නිවාඩු සමය එහි උච්චතම අවස්ථාවට ළඟාවන බැවින් , බ්‍රිතාන්‍ය ගිම්හාන කාලය තුල සංචාරය සදහා යොමු වන බ්‍රිතාන්‍යයන් දහස් ගණනක් දේශ සීමාවෙන් එපිට ඇති ඉතාලිය සංචරය කරයි.

කෙසේ වෙතත්, උණුසුම් කාලගුණය සෞඛ්‍ය අවදානම් මෙන්ම ලැව්ගිනි අවදානමද වැඩි කරන අතර ග්‍රීසියේ ක්‍රීට්, කොස් සහ චියෝස් යන ප්‍රදේශවල ලැව්ගිනි හටගෙන තිබේ. ජූනි මස අගභාගය වන විට ඇතන්ස් හි ගිනිකොන දෙසින් පිහිටි කෙරෙට්යා හිද ලැව් ගින්නක් ද ඇතිවූ බවට පසුගිය කාලය තුල වාර්ථා විය .

නවතම යාවත්කාලීන කරන ලද සංචාරක උපදෙස් සඳහා විදේශ ගමනාගමන නීති රිතින් පිලිබදව දැන ගනිමට පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල (FCDO) වෙබ් අඩවිය පරික්ෂා කරන ලෙස සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇති බවට වැඩිදුරටත් සදහන් වේ.

ග්‍රීසිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය සඳහා නවතම උෂ්ණත්ව අනාවැකි සහ සංචාරක අනතුරු ඇඟවීම් මෙන්න…

රෝමය: ඉදිරි දින කිහිපය උෂ්ණත්වඳහා ඉහළ අගයන් වල පවතිනු ඇති අතර අඟහරුවාදා සෙල්සියස් අංශක 36° ක් වන අතර බදාදා සහ බ්‍රහස්පතින්දා අංශක 37° ට වඩා උණුසුම් විඉමට ඉඩකඩ ඇති බවට නිගමනය කර‍යි.

නේපල්ස්: අඟහරුවාදා දින 33°C, බදාදා 33°C සහ බ්‍රහස්පතින්දා දින 31°C උෂ්ණත්වයක් දක්නට ලැබේ.

පලර්මෝ: අඟහරුවාදා දින සෙල්සියස් අංශක 31° දක්වාත්, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සෙල්සියස් අංශක 32° දක්වාත් සමඟ සිසිලියේ අගනුවර තරමක් සිසිල් වනු ඇත.

FDCO විශේෂයෙන් සංචාරකයන්ට අනතුරු අඟවන්නේ ගිම්හාන තාපය තුළ ඇති විය හැකි ලැව්ගිනි ගැන විමසිල්ලෙන් සිටින ලෙසයි. ඔවුන්ගේ සටහන මෙසේ දැක්වේ: “ගිම්හාන මාසවලදී ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇත. ඒවා ඉතා භයානක සහ අනපේක්ෂිත ය. නවතම ඇඟවීම් සහ කාලගුණ අනාවැකි පරීක්ෂා කර, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට යාමට ඔබ සිතන්නේ නම්, පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන්න. සංචාරය කිරීමේදී ප්‍රවේශම් වන්න. වනාන්තර ප්‍රදේශ හරහා රිය පැදවීම සහ ගිනි හදිසි සේවා වෙත වාර්තා කිරීම.” අතපසු නොකරන්න: යැයි ඔවුන් වැඩිදුරටත් තොරතුරැ සපයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *