සා.පෙළ ප්‍රතිඵල එන දිනය ගැන අනාවරණයක්

05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි හෙට (15) දිනයේදී පැවැත්වෙන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු විභාග මධ්‍යස්ථාන අසල සිදුකිරීමෙන් වලකින ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

හෙට උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය සිසුන් වෙත ලබා දීමටයි කටයුතු සූදානම්කර ඇත්තේ.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවත් සඳහන් කළ ඔහු, මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

තවද, ලබන වසරේදී සියලුම විභාග ප්‍රමාද වීමකින් තොරව නිසි පරිදි පවත්වන බවද එම මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *