සා. පෙළට A 8යි B සාමාර්ථයක් ගත් සිසුවා මුඛයට වෙඩි තබාගෙන අවසන් ගමන් යයි

උසස් පෙළ සිසුවෙක් ගිනි අවියකින් වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගම්පොළ ප්‍රදේශයෙන්.

ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වූ මෙම සිසුවා සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් ලබාගෙන තිබෙනවා.

මව, පියා සහ සහෝදරයා සමග වාසය කර ඇති මෙම සිසුවාගේ මව රැකියාවක් සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

සුපුරුදු පරිදි එදිනත් මව රැකියාවට යෑමට සූදානම් වෙද්දී මෙම සිසුවා මවට වැද නැවත කාමරයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

සහෝදරයා රැකියාව සදහා පිටත්ව යෑමට උදෑසන 10ට පමණ මෙම තරුණයා සිටි කාමරයට පැමිණ ඇති අතර එහිදී අවාසනාවන්ත ලෙසින් තම සහෝදරයා වෙඩිතබාගෙන සිටින ආකාරය දැක තිබෙනවා.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබෙනවා.

සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද එසේම විභාගය පිළිබඳව සිතා සිටිමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

සිසුවා මියගිය ස්ථානයේ තිබී පිහියක්ද සොයාගෙන තිබෙනවා.

මෙම ගිනිඅවිය සිසුවාගේ පියාට අයිති එකක් බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *