සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාශයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති නැගී එන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලයයි – සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර.
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාශයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති නැගී එන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
ඉලක්කමෙන් නොපෙනුනත් වැඩිම ජන ප්‍රසාදයක් හිමි පක්ෂය සර්වජන බලය බව ද ඔහු කියා සිටියි.
සර් වජන බලයේ සංවිධායක සම්මේලනය අද [ 01 ] කොළඹ දී පැවති අතර එහිදී නායක දිලිත් ජයවීර මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතම මෙසේද ප්‍රකාශ කළේය
“මෙවර පාර් ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගොස් තියෙන්නේ සර් වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ සියලු ශක්තිය ඔවුන් යොදවලා තිබුණා. නමුත් ඔවුන්ට බැරි උනා. පොහොට්ටුව නිර් මාණය වුණේ බැසිල් රාජපක්ෂ දේශපාලනයේ සිටීම සඳහා ඔහු විසින් නිෂ්පාදනය කරපු ඡන්ද මෝල කරකවන්න අවශ්‍ය පුද්ගලයින් එකතු කරගන්න. පොහොට්ටුවට දර් ෂනයක් තිබුණේ නැහැ .අපි ගිහින් අපිට ඕනේ දර් ෂණය දාලා බැලුවා මේ රටට වැඩක් කරගන්න පුළුවන් පක්ෂයක් හදන්න පුලුවන්ද කියල. නමුත් බැසිල් ට නාමල්ට අවශ්‍ය උනේ පවුල ගෙනියන්න විතරයි. අද වෙලා තියෙන්නේ මොකක්ද පොහොට්ටුවට. මේ රට ගෙනියන්න ඒ අමෙරිකානු පුරවැසියා රට දාලා ගිය පසු දැන් මෝල කැරකෙන්නෙත් නැහැ. ජාතිකත්වය මුසු උන දේශපාලන පක්ෂයක් ඉතුරවෙලා තියෙනවානම් ඒ තමයි සර් වජන බලය. සතුටු දැයක් නිර් මානය කිරීම තමයි අපේ සිහිනය. අපේ දර් ශනය එය. අපි දේශපාලනය කරන්නේ ඒ මත පිහිටලා. සාම්ප්‍රධායිකව තිබුණු එක්සත් ජාතික පක්ෂය දැන් නැහැ. ඒක ගෑස් සිලින්ඩරය වෙලා තියෙනවා. ඒකේ ගොඩක් අය මහන්සිවෙලා රවී කරුණානායක මහතා පාර් ලිමේන්තු යවලා තියෙනවා. පොහොට්ටුව කැඩිලා ගිහිල්ලා පිරිසක් ගෑස් එකේ, පිරිසක් ගෑස් නැතුව. ඒ ව්‍යාපාරයත් දැන් කඩාවැටිලා. නාමල් රාජපක්ෂ තමයි දැන් පොහොටුවේ බර කරට අරගෙන ඉන්නේ. දේශපාලන පැත්තෙන් ගත්තම නාමල් රාජපක්ෂ කියන්නේ දෙමුහුන් දරුවෙක්. අපි යුග පුරුෂයෙක් කියල විශ්වාස කරන මහින්ද රාජපක්ෂගේ ජාතිකත්වය වීරත්වය කිසිසේත්ම නාමල් නියෝජනය කරන්නේ නැහැ.
අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිහිනයක් තමයි අද අනුර කුමාර ඔහුගේ මිතුරා ඉටුකරන්නේ. දීර් ඝ කාලීනව විනයක් සහිතව පවත්වාගෙන ආ දේශපාලන ව්‍යාපාරයක් කරන්නේ ඔවුන්, නමුත් ඒ දේශපාලන ව්‍යාපාරයේ ජීවය දූෂණයට ලක්වෙලා තියෙනවා ඔවුන්ම විසින් කරන දේවල් හරහා. ඔවුන් කරන්නෙත් දැන් මේ වලව් දේශපාලන ඉදිරියට ගෙනියන එක. මම දැන් කාලයක් තිස්සේ කියන්නේ රනිල් සහ අනුර දේශපාලනිකව අනියම් පෙමකින්
වෙලී සිටින බව දැන් එය විවාහයක් වෙලා තියෙනවා. එය එසේ නොවෙනවානම් කොහොමද ඒ ගෙදර උන ඒවා මේ ගෙදරටත් ඒ වගේම වෙන්නේ අකුරක් නෑර. රනිල් වික්‍රමසිංහට තිබුන පුළුල් දර් ෂණයක් තිස්වතාවක් පැරදුනා ආසනයක්වත් නැතුව හිටිය නමුත් ඔහු වැටුනේ නැහැනේ ඔහුට සිහිනයක් තිබුනා මේ රට විනාශ වන එක. දැන් එය වෙනවනේ. ඔහුගේ මිතුර අනුර කුමාර ඔහුට කරන්න බැරි උන ටික ඉදිරියට ගෙනියනවා. රනිල් තමයි මේ රටේ පක්ෂ නැති කරලම දැම්මේ, හේමකුමාර මහතාත් මමත් දුර බලල වැඩකලේ නැත්නම් මේ පක්ෂයත් අපිට නැතිවෙනවා. අද අපි ඉන්නේ අවාසනාවන්ත තැනක ඉතින් මේ දේශපාලනය අපි කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් දැනගෙන. මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන දේශපාලනයක් අවංක නිර් මල දේශපාලනයක් වරප්‍රසාද පස්සේ යන්නේ නැති දේශපාලනයක් අපට ඕනේ. සර් ව ජනයාගේ අපේක්ෂාව නියෝජනය කරන විශ්වාසි දේශපාලනයක් ඕනේ අපිට. මිනිස්සුන්ගේ ආදරයක් තමයි අපිට ඕනේ. මේ පුණ්‍යකර්මයේ කොටස්කරුවෙක් වෙන්න තමයි ඕනේ අපිට. දැන් නාමල් රාජපක්ෂ උද්දාමයට පත්වෙලා තියෙනවා අපි කිව්වනේ උගන්ඩාවේ සල්ලි නෑ කියල. අනුර කුමාර ඒ කියන්නේ කියල තියෙන්නේ බොරුවක් ද.නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ නාමල්ලගේ දේශපාලනය දුෂිත නැහැ කියලා. අනුර කුමාර ඇත්ත ගොඩකුත් කිව්වා නමුත් ඊටත් වඩා බොරු කීවා.ඔහු කියපු ගොඩක් දේවල් බොරු කියල දැන් තේරනවා.’’
මෙම සම්මේලන සදහා සර් වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානයක්කාර, සර් වජන බලය පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ ,පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම ඇතුළු සර්ව ජනබලයේ ආසන දිස්ත්‍රික්ක සංවිධායකවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ