සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා.

ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇති බවයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527කදී අද ආරම්භ වීමට නියමිතයි.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගයට පෙනී සිටින අතර ඉන් 387,648 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වන අතර 65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වනවා.

මේ අතර, මදුරුවන් බෝවිය හැකි විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දූමායන සහ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ඊයේ (05) ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

මෙවර 49,312 දෙනෙකු ඊට අයදුම්කර තිබූ අතර නැවත සමීක්ෂණයට ලක් කළ පිළිතුරු පත්‍ර සංඛ්‍යාව 250,311ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *